දේශීය

ඔමික්‍රෝන් හේතුවෙන් පනවා තිබූ තහනම ඉවතට

ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයකට සිට සංචාරකයින්ට මෙරටට පැමිණීමට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර ඇත.

ඒ අනුව දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියා, සිම්බාබ්වේ හා ස්වාසිලන්තය යන රටවල සිට පැමිණෙන සංචාරකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලැබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය.

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හමුවීම හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේදී ලොව බොහෝ සංචාරකයින්ට තාවකාලික තහනමක් පනවා තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *