දේශීය

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 72 වන වියේ පසුවිය.

සුනිල් සෝම පීරිස් මහතා චිත්‍රපට 54කට පමණ සිය අධ්‍යක්ෂණයෙන් දායක වී ඇති අතර ජය පිට ජය, දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ, දිනුම, ඔබටයි ප්‍රියේ ආදරේ යන චිත්‍රපට ඉන් කිහිපයකි.

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙන් මෙන්ම නළුවෙකු, නිෂ්පාදකයෙකු හා තිර කතා රචකයෙක් ලෙස ද සුනිල් සෝම පීරිස් මහතා කටයුතු කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *