විශ්වවිද්‍යාල සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කෙරේ
2020 අධ්‍යයන වර්ෂයට අදාළ කඩඉම් ලකුණු මත විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.
විශ්වවිද්‍යාල සඳහා සිසුන් ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබූ කාලය අද (10) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර එම කාල සීමාව තවත් දීර්ඝ කළ බව එම කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.
ඒ අනුව දෙසැම්බර් මස 16 වන දින දක්වා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට අවස්ථාව පවතී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

