බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා ජනපති ගෝඨාභය රාජපක්ෂ හමුවෙයි
බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.
ඒ, මිරිහාන ප්‍රදේශයේ පිහිටි ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවසේදීය.
සෙයිෆුද්දීන් සහෙබ්තුමා එහිදී සඳහන් කර ඇත්තේ තමා ඉතා ඇලුම් කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවත්, ඉදිරියටත් සිය අනුගාමිකයින් සමග මෙරටට පැමිණෙන බවය.
රජය ගෙන යන කොවිඩ් පාලන වැඩපිළිවෙළ පැසසුමට ලක් කළ සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ දියුණුව අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
කොවිඩ් ඉටුකම අරමුදලට බෝරා ප්‍රජාවේ නායකතුමා කළ පරිත්‍යාගයට ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා, ආයෝජන සහ වෙළෙඳ කටයුතු සිදු කරමින් බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගය කරනු ලැබුවේය .

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

