කොළඹට පැය 18ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කර තිබේ.
ඒ අනුව කොළඹ 12, 13, 14 , සහ 15 යන ප්‍රදේශවලට අද (11) මධ්‍යම රාත්‍රි 12 සිට හෙට පස්වරු 6.00 දක්වා සැපයුම අත්හිටුවනු ඇති.
අඹතලේ සිට කොළඹට ජලය සැපයෙන ජල නලයක අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

