මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශිය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250ක් සමග ගමන් කරමින් සිටි විදේශීය යාත්‍රාවක් සැකකරුවන් හය දෙනෙකු සමඟ නාවුක හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය හා එක්ව නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 900ක් ඈත මුහුදේ මෙම විශේෂ මෙහෙයුම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් විදෙස් ජාතිකයන් බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ආසන්න වශයෙන් කෝටි 250ක් පමණ බව සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

