දේශීය

20 ට වැඩි අයටත් බූස්ටර් එන්නත දීමට සැලසුම් – හේමන්ත හේරත්

වයස අවුරුදු 20 වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට රජයේ අවදානය යොමුව ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා සඳහන් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ලිඛිත මාර්ගෝපදේශ නිකුත් කිරීමෙන් අනතුරුව මෙම එන්නත ලබා ගත හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේය.

ඒ අනුව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් පසුව එන්නත ලබා ගැනීමේ හැකියාව පවතී.

එසේම වයස අවුරුදු 12 – 15 අතර දරුවන් සඳහා එක් එන්නතක් ලබා දීමටත්, අවුරුදු 16 – 19 අතර දරුවන් සඳහා දෙවන එන්නත ලබා දීමට ද නිර්දේශ වී ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *