ජැෆ්නා කිංග්ස් ප්රසාද ලකුණු සටහනේ පෙරමුණට
LPL තරගාවලියේ කලම්බෝ කිංග්ස් කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 93ක ජයක් හිමිකර ගැනීමට ජැෆ්නා කිංග්ස් සමත් වුණි.
තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ආරාධයයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන්නේය.
ඒ අනුව ජැෆ්නා කිංග්ස් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 207ක් ලබා ගත්තේය.
එහිදී නායක තිසර පෙරේරා නොදැවී ලකුණු 57ක් රැස් කළ අතර ෂොයිබ් මලික් ලකුණු 47ක් රැස් කළේය.
පන්දු යැවීමේදී කලම්බෝ කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් සීක්කුගේ ප්රසන්න කඩුලු 3ක් දවා ගත්තේය.
ජයග්රහනය සඳහා ලකුණු 208ක ඉලක්කයක් සමග කලම්බෝ කිංග්ස් කන්ඩායමට පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසුන ද පන්දු වාර 15යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කර ගත හැකි වූයේ ලකුණු 114ක් පමණි.
එහිදී අශාන් ප්රියංජන් ලකුණු 35ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 28 රැස් කළේය.
ඒ අනුව LPL තරගාවලියේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

