දේශීය

ප්‍රදේශ කිහිපයකට විදුලි කප්පාදුවක්

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් ජනන යන්ත්‍රයක් අළුත්වැඩියා කටයුතු සඳහා පද්ධතියෙන් ඉවත් කර ගැනීමත් සමග දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සවස 6.00ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ මිනිත්තු 30ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශය පවසයි.

එම පියවර ඊයේ (11) දිනයේ සිට ක්‍රියාත්මක අතර විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ පසුගිය 03වැනි දා දිවයිනට විදුලිය විසන්ධි වු අවස්ථාවේ දී නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රීය වූ බවයි.

එම අවස්ථාවේ දී එක් ජනන යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා පද්ධතියෙන් ඉවත් කර තිබු අතර එය පසුගිය ඉරිදා පූර්ණ ධාරිතාවයෙන් නොවූවත් පද්ධතියට එක් කෙරුණි.

කෙසේ වෙතත් යළි එම ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා පෙරේදා පද්ධතියෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත්තේ එහි බොයිලේරුවේ හටගත් දෝෂයක් හේතුවෙනි.    

ඒ හේතුවෙන් රාත්‍රියේ විදුලි ඉල්ලුම ඉහළ කාලය තුළදී මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට සිදුවන බව විදුලි බල අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *