විදේශීය

දකුණු අප්‍රිකානු ජනාධිපතිටත් කොවිඩ්

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

දකුණු අප්‍රිකානු ජනාධිපති කාර්යාලය සඳහන් කර ඇත්තේ කොවිඩ් රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සිදුකළ පරික්ෂණයක දී ජනාධිපතිවරයා වෛරසය ආසාදිතයෙක් බවට හඳුනාගෙන ඇති බවයි.

මේ වන විට ඔහු කේප්ටවුන් හි  ස්වයං-නිරෝධායනට යොමු වී සිටින බවත් ජනාධිපතිවරයා සුවය ලබන තෙක් රටේ පාලන කටයුතු නියෝජ්‍ය ජනාධිපති ඩේවිඩ් මබුසා ට පවරා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් වාර්තා කළේය.

 එසේම පසුගිය සතිය තුළ ජනාධිපතිවරයා සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ සියලුම පුද්ගලයින් කඩිනම් කොවිඩ් පරික්ෂණ සඳහා යොමුවන ලෙස දැනුම් දී ඇති බව දකුණු අප්‍රිකානු ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *