ක්‍රීඩා

ගාල්ල කොළඹට පරදී

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අතර ඊයේ (12) පැවැති තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත් විය.

එම තරගය පන්දුවාර 18කට සීමා වු අතර පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 07ක් දැවි ලකුණු 162ක් ලබා ගත්තේය.

එහිදී නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 73ක් ද දිනේෂ් චන්දිමාල් ලකුණු 36ක් ද රැස් කළේය.

පන්දු යැවීමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් සමිත් පටෙල් සහ ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් දවා ගත්තේය.

ජයග්‍රහනය සදහා ලකුණු 163ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 16 පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 121ක් පමණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *