විදේශ මුදල් අතැති පුද්ගලයින් ට එම මුදල් යෙදවීමට හැකි විකල්ප ක්‍රියාමාර්ග
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත පොදු දැනුම්දීමක් සිදුකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ, ආකාර කිහිපයක් ඔස්සේ ලබාගත් විදේශ මුදල් අත ඇති පුද්ගලයින් ට එම මුදල් යෙදවීමට හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවය.
එහිදී අදාළ විදේශ විනිමය, ඩොලරයක් රු. 210 බැගින් වන පරිදි රුපියල්වලට පරිවර්තනය කිරීම හෝ ඕනෑම බැංකුවක රුපියල් ගිණුමක තැන්පත් කළ හැකි බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
තවද පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක හෝ විශේෂ තැන්පතු ගිණුමක තැන්පත් කිරීමට ද මහ බැංකුව මෙහිදී දිරිගන්වා ඇති අතර එසේ නැතහොත් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජනය කිරීමට ද මහ බැංකුව ආරාධනය කර තිබේ.
මහ බැංකුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් වේ,

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

