පැය භාගයක විදුලි කප්පාදුව අදත්
අදත් (13) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ පැය භාගයක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරයි.
විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් විදුලි බල පද්ධතියට එක්කරන තෙක් එලෙස විදුලිය විසන්ධි කරන බවයි.
එසේම හෙට දිනයේදීත් මෙම විදුලි කප්පාදුව සිදු වන බව දන්වා ඇත.
මේ වනවිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 3 න් 2 ක් ක්‍රියා විරහිත වී තිබේන බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

