විදේශීය

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 7.5ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

එය ඉන්දුනීසියානු වෙරළේ සිට කිලෝමීටර් 112ක් ඈතින් ජාවා මුහුදේ සිදුව ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

භූ කම්පනයෙන් සිදුව ඇති හානි පිළිබඳව මෙතෙක් වර්තා වී නොමැති අතර ඉන්දුනීසියානු වෙරළ ප්‍රදේශයට මෙමගින් සුනාමි අවදානමක් ඇති විය හැකි බව පැසිෆික් සුනාමි මධ්‍යස්ථානය සඳහන් කළේය.

කෙසේ නමුත් භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය සඳහන් වැඩි දුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවට මෙම භූ කම්පනයෙන් කිසිදු බලපෑමක් නොමැති  බවයි.    


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *