චීනයෙන් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හමුවෙයි
චීනයෙන් පළමු ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයා හඳුනාගෙන තිබේ.
එම ආසාදිතයා විදෙස් රටක සිට එරටට පැමිණ ඇති පුද්ගලයෙකු වන නමුත් ආසාදිතයා පැමිණ ඇත්තේ, කුමන රටක සිට ද යන්න මෙතෙක් හෙළි කර නොමැත.
නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයා මේ වන විට ස්වයං නිරෝධායනය වෙමින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ආසාදිතයා හමුවී ඇති චීනයේ තියෑන්ජින් ප්‍රදේශයට මේ වන විට දැඩි සීමා පනවා තිබේ.
ගතවූ දිනයේ චීනයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 101කි.
කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ ආරම්භය සිදු වූ චීනයෙන් මේ දක්වා හඳුනාගෙන ඇත්තේ ආසාදිතයින් 99,856ක් පමණි.
එරට කොවිඩ් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 4,636කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

