ක්‍රීඩා

ජැෆ්නා කින්ග්ස් LPL අවසන් වටයට

LPL තරගාවලියේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර ඊයේ (13) පැවති තරගයෙන් ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් දඹුල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන ලදි.

එහිදී ඔවුන්ට හැකිවූයේ පන්දුවාර 14යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 69ක් රැස් කිරීමට පමණී.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 71ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළේය.

එහිදී වනිදු හසරංග පන්දු 18ක් තුළ ලකුණු 37ක් සහ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 17ක් තුළ නොදැවී ලකුණු 22 ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව ජැෆ්නා කණ්ඩායම මේ වන විට තමන් මුහුණ දී ඇති තරග 6න් 5ක් ජය ගනිමින් LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවේ.

එසෙම් මෙවර LPL තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබූ පළමු කන්ඩායම බවට පත් වීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *