දේශීය

තැපැල් සේවකයින් සංකේත වැඩ වර්ජනයක

තැපැල් සේවකයින් ඊයේ (13) පස්වරුවේ ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද (14) මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය ඇතුළු ඉල්ලීම් 24ක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව තැපැල් හා උප තැපැල් කාර්යාලවල සේවාවලින් සිය සාමාජිකයින් ඉවත් වූ බවයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ තැපැල් සේවකයින් පිරිසක් සේවා සඳහා වාර්තා කර නොමැති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *