දේශීය

ලිට්‍රො සමාගමට අධිකරණයෙන් නියෝගයක්

ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුම් දීම සඳහා අභියාචනාධිකරණය ලිට්‍රො ගෑස් සමාගමට හෙට (15) දින තෙක් කල් ලබා දී තිබේ.

ලිට්‍රො සහ ලාෆ් ගෑස් සමාගම් විසින් වෙළෙඳපොළට මුදාහැර තිබෙන ගෑස් සිලින්ඩර ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (14) කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය විසින් එම කල් ලබාදීම සිදු කළේය.

එම පෙත්සම අද රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල යෝජනා කර සිටියේ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය සහ එම සංයුතිය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව සහ දැනට වෙළඳපොළට මුදාහැර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට හැකියාවක් තිබේදැයි විමසා සිටියේ ය.

එම අවස්ථාවේදී ලිට්‍රො ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසුරිය මහතා අධිකරණයට දන්වා සිටියේ, මේ පිළිබඳව තම සේවාදායකයන් ගෙන් විමසා කරුණු ඉදිරිපත් කිරීමට හෙට දින තෙක් කල් ලබා දෙන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම හෙට දින යළි කැඳවීමට නියම කෙරුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *