දේශීය

බෝග වර්ග 7ක බීජ ආනයනය සීමා කිරීමට සැලසුම්

මෙරටදී නිෂ්පාදනය කළ හැකි බෝග වර්ග 7 ක බීජ ලබන වසරේදී ආනයනය සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව අර්තාපල්, බී ලූනු , මිරිස් , රතු ලූනු , උදු , බඩඉරිඟු හා රටකජු යන බෝග වර්ගවල බීජ ආනයනය සීමා කිරීමට නියමිතව තිබේ.

නාවලපිටිය , අලුත්ගම මිරිස් බීජ නිෂ්පාදන ගම්මානයේ , දෙමුහුන් බීජ කිලෝග්‍රෑම් 1500 ක් මේ වනවිටත් නිෂ්පාදනය කර අවසන් කර තිබේන අතර බී ලූණු බීජ නිෂ්පාදනය දඹුල්ල දිගම්පතහ ගොවිබිම්වල සිදු කෙරේ.

අර්තාපල් බීජ නුවරඑළිය රජයේ ගොවිපළේදී නිෂ්පාදනය කෙරෙන අතර රතු ලූනු, උදු, රටකජු සහ බඩඉරිඟු බීජ නිෂ්පාදනය ද සාර්ථකව සිදු කෙරෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *