දේශීය

දුම්රිය නියාමකවරුන්ගේ සංගමය වැඩ වර්ජනයක

අද (15) දහවල් 12.00 සිට ආරම්භ කෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට අනුව නැවත දැනුම්දෙනතුරු සියලුම දුම්රිය ධාවන කටයුතුවලින් ඉවත් වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ සංගම් ඒකාබද්ධව අද දහවල් 12.00 සිට මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් දහවල් 12.00 වනවිට ධාවනය වෙමින් ඇති දුම්රියන් ගමනාන්තය දක්වා පැමිණෙන බවත් නව ගමන්වාර කිසිවක් ධාවනය නොවන බවත් දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මනුර පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මගීන් පවසන්නේ මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාව ලෙස තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *