දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරක් – දෙදෙනෙක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගමට ආසන්නයේදී අද (15) අලුයම මාරක රිය අනතුරක් සිදු වී තිබේ.
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසුවේය.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ, 39 හැවිරිදි පියෙකු සහ ඔහුගේ සිව් හැවිරිදි දියණියයි.
කතරගම වන්දනාවේ ගොස් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර සිට කොළඹ බලා ධාවනය වූ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව අද අලුයම 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබු මව සහ තවත් දරුවෙකු මේ වන විට කළුතර නාගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

