තිලිණ ගමගේ නිදොස් කොට නිදහස්
නීතිවිරෝධී අන්දමින් සකුරා නමැති අලි පැටවා සන්තකයේ තබා ගැනීම ඇතුළු සියලුම අධිචෝදනාවලින් මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (16) නියෝග කළේය.
තීරණය දෙමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකාර තිලින ගමගේ මහතාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි.
ඒ අනුව ඔහු නිදොස් කොට නිදහස් කරන බව ද අධිකරණය නියම කර ඇත.
කෙසේ වෙතත් මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ වරයෙකු වන උපාලි පත්මසිරි, එම දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනී සහ අදාළ අලි පැටවාගේ මුල් අයිතිකරු බව කියන චන්ද්‍රරත්න යටවර යන අය නිදහස් නොකිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ට විත්තිවාචකය ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
ඒ අනුව එම විත්තිකරුවන් තිදෙනාගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම සඳහා නඩුව නැවත ජනවාරි මස 21 වන දා කැඳවීමට අධිකරණය නියම කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

