රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ට ස්ථිර පත්වීම්
රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගත් සියලු උපාධිධාරීන්ට ලබන 31 වැනි දිනට පෙර ස්ථිර පත්විම් ලබාදෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කර තිබේ.
එම අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පවසා සිටියේ මෙවර අයවැයෙන් ගත් තීරණයක් අනුව එය ක්‍රියාත්මක කරන බවයි.
මේ වනවිට රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගෙන ඇති උපාධිධාරින් සංඛ්‍යාව 50,000කට අධික බව වාර්තා වේ.
පාසල්වලට අනියුක්ත කළ පිරිස ඔවුන්ගේ කැමැත්ත මත එම පාසල්වලම සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථිර කිරීමට කටයුතු කරන බව ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

