විදේශීය

අනතුරක් කළ රියදුරෙකුට වසර 110ක සිරදඬුවමක්

මිනිසුන් සිව්දෙනෙකුට මරු කැඳවූ රිය අනතුරක් කිරීමේ චෝදනාව මත වරදකරු වූ තැනැත්තෙකුට වසර 110ක සිර දඩුවම් නිකුත් කිරීමට ඇමරිකානු අධිකරණයක් තීන්දු කර තිබේ.

එම තීන්දුව ලබාදී තිබුණේ කොලරාඩෝ ප්‍රාන්ත අධිකරණයක් විසිනි.

රෝගල් ලාසරෝ නම් මෙම 26 හැවිරිදි රියදුරුට 2019 වසරේ දී මාරක අනතුරක් සිදුකර පුද්ගල මරණ 4ක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණි.

එම සිද්ධියේ දී විශාල ගින්නක් ද හටගත් අතර එහිදී වාහන රැසක් ගිනිබත් වී තිබුණි.

අදාළ අනතුර සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට අධිකරණ තීන්දුව ලබාදුන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේ දි වන අතර එම තැනැත්තාට වසර 100ක් ඉක්මවූ සිරදඩුවම් නියෝග කර ඇත්තේ ඒ අනුවය.

තම රථයේ තිරිංග නිසි සේ ක්‍රියාත්මක නොවන බව දැන දැනම, අනතුර වළක්වා ගැනීමට පියවර නොගෙන සිටීම සම්බන්ධයෙන් රියදුරු රෝගල් ලාසරෝට චෝදනා එල්ල වී තිබුණි.

කෙසේ නමුත් රියදුරුගේ පාර්ශ්වය දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ තමන් සිතා මතා වරදක් සිදු නොකළ බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *