ජපානයේ ඔසාකා නුවර ගින්නකින් 27 ක් මරුට
ජපානයේ ඔසාකා නුවර පිහිටි ගොඩනැගිල්ලක අද(17) උදෑසන ගින්නක් හටගෙන ඇත.
මහල් 08 කින් යුත් ගොඩනැගිල්ලක සිව්වන මහලේ එම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම ගින්නෙන් පුද්ගලයින් 28 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවත් පුද්ගලයින් 27 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.
හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් එම පුද්ගලයින් මියගොස් ඇතැයි ජපන් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ වන විට ගින්න පාලනය කර ගැනීමට හැකි වී ඇති අතර, මෙම ගින්න සිතා මතා ගිනි තැබීමක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.
කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

