දේශීය

භූමිතෙල් ඉල්ලුම ඉහළට

දෛනික භූමිතෙල් ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් 100 කින් පමණ ඉහළ ගොස් ඇතැයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර තිබේ.

සාමාන්‍ය දිනක ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් 500ක් පමණ වුවත්, මේ දිනවල ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් 600 ඉක්මවා ඇති බවත් හිඟයකින් තොරව භූමිතෙල් වෙළෙඳපොළට මුදා හැරීමට පියවර ගෙන ඇති බවත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ය .

ධීවර ප්‍රජාවට අවශ්‍ය තෙල් ප්‍රමාණය ද එලෙසම සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව එම සංස්ථාවේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළේ ය.

කොළඹ සහ ධීවර කර්මාන්තය ආශ්‍රීත ප්‍රදේශවල දෛනික භූමිතෙල් ඉල්ලුම අනපේක්ෂීත ලෙස ඉහළ ගොස් ඇති බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කළේ ය .


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *