දේශීය

දිස්ත්‍රික්ක 05ක වෛද්‍යවරුන් ලබන සතියේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක

ස්ථාන මාරු ගැටලුවක් මුල් කර ගනිමින් එළඹෙන සඳුදා දිස්ත්‍රික්ක 05ක රෝහල් තුල දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊට අදාළ මධ්‍යම කාරක සභා සාකචඡාවක් අද (17) පැවැත්විමට නියමිත බවයි එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ.

මේ පිළිබඳව දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව අදාළ ගැටලුවට අද දින තුළ විසඳුමක් නොලැබුණහොත් මන්නාරම, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ නුවරඑලිය යන දිස්ත්‍රික්ක තුළ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් සඳහන් කළේ.   


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *