දේශීය

දෙමටගොඩ රුවන්ගේ කෝටි 3ක ඉඩම CID භාරයට

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාට අයත් වටිනා ඉඩමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.

දෙමටගොඩ වේළුවන ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩමේ පිහිනුම් තටාකයක් ද ඇති බව වාර්තා වේ.

එම ඉඩමේ වටිනාකම රුපියල් ලක්ෂ 300ක් පමණ වන බවට අනාවරණ වී ඇත.

ඒ අනුව එම ඉඩමට අදාළ ඔප්පුව දෙමටගොඩ පෞද්ගලික බැංකුවක සේප්පුවක ආරක්ෂිතව තිබීය දී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

දෙමටගොඩ රුවන් නැමැත්තා මරණ දණ්ඩනය නියම කර සිටින දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වන අතර ඔහු මේ වනවිට බන්ධනාගාරගතව පසුවෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *