ක්‍රීඩා

කැන්ඩි වොරියර්ස් පරදා කළම්ඹු ස්ටාර්ස් අවසන් පූර්ව වටයට

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කළම්ඹු ස්ටාර්ස් සහ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම් අතරේ ඊයේ (17) පැවති  තරගයෙන් ජය වාර්තා කිරීමට කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් රැස් කළේය.

ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 17කදී  සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 124ක් පමණි.

ඒ අනුව කළම්ඹු ස්ටාර්ස් කණ්ඩායම ලකුණු 58ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසු කම් ලැබීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *