දේශීය

උදුවප් පුර පසළොස්වක පෝය අද

2021 වසරේ අවසන් පුර පසළොස්වක පෝය වන උදුවප් පුර පසළොස්වක පෝය  අද(18)ට යෙදී ඇත.

බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාව කරමින් කළ ගුණ සැළකීමේ ගුණය පෙන්නුම් කළේ අද වැනි දිනකය. සංඝමිත්තා මහ රහත් මෙහෙණිය විසින් ලක් දිවට බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය ශ්‍රී මහා බෝධිය දක්ෂිණ ශාඛාව වැඩම කළේ ද අද වැනි දිනකය.

ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම උදුවප් පෝය දිනයෙ දී සිදු විය.උඳුවප් පෝය දිනයටත් වැඩි වශයෙන් වන්දනාවේ යන්නේ අනුරාධපුරයටයි. ශ්‍රිපාදය වන්දනා මාන කිරිමේ සමය ඇ‍රඹෙන්නේද අද උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙනි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *