දේශීය

තවත් ගෑස් නැවක් මෙරට මුහුදු සීමාවේ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

තවත් ගෑස් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

අදාළ නෞකාවේ ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සාම්පල ලබා ගැනීම අද(18) දිනයේ සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක මහතා පැවසුවේය.

එම නෞකාව ඕමානයේ සිට මෙරටට පැමිණ ඇති බව ද ඔහු වැඩිදුරටත් කිසා සිටියේය.

මේ අතර ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කළේ  අද සිට යළිත් ගෑස් වෙළෙඳපොළට මුදා හැරීම ආරම්භ කරන බවයි

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරායාම් සම්බන්ධයෙන් විමර්ශනය කර විසඳුම් සෙවීමට පත් කළ ජනාධිපති කමිටුවේ වාර්තාව, ලබන සඳුඳා (20) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට තීරණය කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *