ශ්‍රීපාද වන්දනා සමය ඇරඹේ
මෙවර ශ්‍රීපාද වන්දනා සමය 18 වැනි දා (අද) සිට ලබන වසරේ 2022 මැයි 16 වෙනිදා දක්වා පැවැත්වෙයි.
ශ්‍රි පාදස්ථාන වන්දනා වාරය ඇරඹීම නිමිත්තෙන් ගල්පොත්තාවල ශ්‍රි පාද විහාරස්ථානයේ සිට සුමන සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ සධාතුක කරඩුව ඇතුළු පුජා භාණ්ඩ වැඩම කරවීමේ රථ පෙරහැර 18 උදෑසන 05ට ආරම්භ කෙරිණි.
රථ පෙරහැර බදුල්ල – රත්නපුර මාර්ගයේ පැල්මඩුල්ලේ සිට රත්නපුර නව නගරය දක්වා ගමන් කර නැවත එම මාර්ගයේම රත්නපුර මහ සමන් දේවාලය දක්වා ගමන් කෙරිණ.
එමෙන්ම ශ්‍රී පාද වන්දනාව වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් ද නිකුත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇත.
ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණෙන පුද්ගලයින් කොවිඩ් මර්ධනය සඳහා වූ එන්නත ලබා ගෙන තිබීම සහ එය සනාථ කිරීම සඳහා එන්නත් කාඩ්පත හෝ එහි ජායා පිටපතක් ළඟ තබාගත යුතු බවද සෞඛ්‍ය අංශ නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් ව ඇත.
ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතුය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

