දේශීය

පදියතලාවේදී බස් රථයක් පෙරළෙයි

අම්පාර පදියතලාව ප්‍රදේශයේ දී සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

කිලිනොච්චිය සිට කතරගම බලා ධාවනය වූ වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස ඊයේ (18) රාත්‍රියේ අනතුරට ලක්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එම අවස්ථාවේ බස් රථයේ රියදුරු, රිය සහයක සහ තවත් පුද්ගලයින් 45 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.

අධික වේගය අනතුරට හේතුවී ඇති අතර බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *