චිලී රාජ්‍යයට වාමාංශික ජනාධිපතිවරයෙක්
චිලී රාජ්‍යයේ පැවැති ජනාධිපතිවරණයෙන් වාමාංශික සහ හිටපු ශිෂ්‍ය නායකයෙකු වන ගේබ්‍රියල් බොරික් ජයග්‍රහණය කර තිබේ.
ඔහු සියයට 55.87ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර ඔහු සමග තරග කළ දක්ෂිණාංශික අපේක්ෂක ජෝස් ඇන්ටෝනියෝ කස්ට් ලබා ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 44.13කි.
ඒ අනුව ගේබ්‍රියල් බොරික් ලබන වසරේ මාර්තු 11 වන දා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
35 හැවිරිදි බොරික් මේ වනවිට ලොව සිටින අඩු වයසැති දේශපාලන නායකයන්ගෙන් කෙනෙකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

