රු.10,000 මුදල් නෝට්ටුවක් මුද්‍රණය කිරීමේ සූදානමක් නෑ – මුදල් අමාත්‍යාංශය
රුපියල් 10,000 වටිනාකමට නව මුදල් නෝට්ටුවක් මුද්‍රණය කිරීමේ කිසිදු සූදානමක් නැති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ සම්බන්ධයෙන් පැතිර යන වාර්තා අසත්‍ය බවයි අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.
උද්ධමනය ඉහළ යාමත් සමග එවැනි සූදානමක් ඇති බවට ඇතමුන් ව්‍යාජ තොරතුරු නිර්මාණය කරමින් ඇතැයි ද ලේකම්වරයා පැවසුවේ ය.
මේ අතර විදේශ විනිමය සංචිත ප්‍රමාණය කඩිනමින් ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මහ බැංකු අධිපතිවරයා, මේ වනවිටත් ඊට අදාළ සැලසුම් සකස් කර ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ මෙම මස අවසානය වනවිට මහ බැංකුවට ඩොලර් බිලියන 3කට වැඩි විදේශ විනිමය සංචිත රැස්කර ගැනීමට හැකිවනු ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

