දිස්ත්‍රික්ක 05ක වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය අද
දිස්ත්‍රික්ක 05ක රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද (20) පැය 24ක සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබුණි.
ඒ අනුව මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල වර්ජනය ක්‍රියාත්මක බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.
වර්ජනය ක්‍රියාත්මක වන්නේ මාරු මණ්ඩල අනුමැතියකින් තොරව වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමට විරෝධය පළ කරමින් ය.
අද පෙරවරු 8.00 සිට වර්ජනය පැවතිය ද, හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මකව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

