ඉන්ධන මිල ඉහළට
අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
මීට පෙර රුපියල් 157ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහල දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 177කි.
ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23කින් ඉහළ දමා තිබේ.
එහි නව මිල රුපියල් 207ක් වන අතර මීට පෙර එම පෙට්‍රල් මිල පැවතියේ ලීටරයක් රුපියල් 184ක් ලෙසයි.
නව මිල වැඩි කිරීමත් සමග ඔටෝ ඩිසල් ලීටරයක් රුපියල් 111සිට 121ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එහි නව මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 10කින් ය.
සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ 159කි.
රුපියල් 144ක්ව පැවති එහි මිල රුපියල් 15කින් ඉහළ දමා ඇත.
මේ අතර මෙම මිල ගණන් වැඩි කිරිමට සාපේක්ෂව භූමිතෙල් මිල ද රුපියල් 10කින් ඉහළ නංවා තිබේ.
ඒ අනුව රුපියල් 77ක්ව පැවති භූමිතෙල් ලිටරයක නව මිල වන්නේ රුපියල් 87කි.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව ලංකා IOC සමාගම ද අද සිට ඉන්ධන මිල වැඩි කළ බව එම සමාගම පැවසී ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

