දේශීය

ත‍්‍රී රෝද ගාස්තුවත් ඉහළට

ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ත්‍රී රෝද රථ ගාස්තු ද අද (21) සිට ඉහළ දමා තිබේ.

සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කළේ පළමු කිලෝ මීටරය සඳහා රුපියල් 80ක් ලෙසත් දෙවන කිලෝ මීටරය සඳහා රුපියල් 45ක් ලෙසත් ගාස්තු සංශෝධනය කරන බවයි.

මේ අතර ඉන්ධන මිල ඉහළ යාමත් සමග රුපියල් 14ක් වන අවම බස් ගාස්තුව රුපියල් 25ක් දක්වා ඉහළ දැමිය යුතු බවට පෞද්ගලික බස් සමාගම් යෝජනා කර තිබේ.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, එසේ නැතහොත් ඉන්ධන සහනාධාරයක් ලබාදීමට රජය පියවර ගත යුතු බවයි.

මෙම ගැටලුව සඳහා ජනාධිපතිවරයා මැදිහත් වී විසදුමක් ලබාදෙනු ඇති බවට අපේක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

එමෙන්ම ලබන වසරේ ජනවාරි මස සිට පාසල් බස්රථ ගාස්තුව ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා කියා සිටියේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *