දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය ඇරඹේ

අද (21) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ.

මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලුවලට විසදුම් නොලැබුණහොත් ලබන මස මුල් සතියේ අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ඔහු වැඩි දුරටත් සඳහන් ක‌ළේ දැනට පළාත් කීපයකම උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වා ඇති අතර හෙට (22) දකුණු පළාතේ ද අනිද්දා (23) සබරගමුව පළාතේ ද වර්ජනයන් ක්‍රියාත්මක බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *