දේශීය

වල්සපුගල ගොවීන් යළිත් සත්‍යග්‍රහයක

වල්සපුගල ගොවින් අද (21) පෙරවරුවේ යළි සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

ඒ හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණය රක්ෂිතය සම්බන්ධ ගැටලුවට රජය ලබා දී ඇති විසඳුම ගැන සෑහීමට පත් විය නොහැකි බව පවසමිනි.

ඒ අනුව අද පෙරවරුවේ හම්බන්තොට කටුවැව මංසංධියේ දී විරෝධතාවයක නිරත වීමෙන් අනතුරුව පිරිස මෙම ක්‍රියාමාර්ගයට එළැඹියේ ය.

වල්සපුගල ගොවීන් පසුගිය ජනවාරී 18 වැනි දා සිට දින 105ක් පුරා මාරාන්තික සත්‍යග්‍රහයක නිරත වෙමින් පෙන්වා දුන්නේ වන අලි ගැටලුවට විසඳුමක් ලෙස හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණය රක්ෂිතය, වන අලි කළමනාකරණ රක්ෂිතයක් බවට ගැසට් කරන ලෙස ඉල්ලමිනි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *