දේශීය

දිවයින පුරා විදුලි සැපයුමට යළිත් බාධා

නොරොච්චෝලේ, ලක්විජය ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම සීමා කෙරෙන බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ අදාළ ජනන යන්ත්‍රයේ සිදු වී ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉන් ජාතික විදුලිබල පද්ධතියට සපයන විදුලි ධාරිතාව අඩු වී ඇති බවයි.

ඒ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල පැය භාගයක් හෝ විනාඩි 45කට ආසන්න කාලයක් විදුලි සැපයුම සිමා කිරීමට සිදුවන බව සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් එම තත්ත්වය තාවකාලික බවත් ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන් වූ වහාම එය පද්ධතියට යළි සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 03ක් ක්‍රියාත්මක අතර ඉන් තුන්වන ජනන යන්ත්‍රය මෙලෙස දෝෂයට ලක් වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *