ජැෆ්නා කිංග්ස් LPL අවසන් මහා තරගයට
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (21) සමත් විය.
ඒ, ලකුණු 23කින් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත් කරමිනි.
තරගයේ කාසියේ වාසිය දිනු දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ ආරාධනයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙන ලදි.
ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් නියමිත පන්දුවාර 20 අවාසනයේ කඩුලු 4ක් පමණක් දැවි ලකුණු 210ක් රැස් කළේය. එම ලකුණු සංඛ්‍යාව එල්.පී.එල් තරගාවලියේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් විය.
එහිදී විශිෂ්ට පිතිකරණයක නියැලුණු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 64කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 10ක් සමග ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර මෙම තරගාවලියේ වාර්තා වූ පළමු ශතකය මෙය වීම විශේෂත්වයකි.
රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 70ක් රැස් කළේය.
දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන් කඩුලු 2ක් දවා ගත් අතර මාර්චන්ට් ද ලැංගේ සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් දවා ගත්තේ ය.
ලකුණු 211ක ජයග්රාහි ඉලක්කයක් සමග පිටියට පිවිසි දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට හැකි වූයේ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 187ක් රැස්කර ගැනීමට පමණි.
එහිදී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න නොදැවී ලකුණු 75ක් රැස් කළේය.
ඊයේ තරගයෙන් ලැබූ ජයත් සමග ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර එල්.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ය.
ඒ අනුව මේවර එල්.පී.එල් කුසලානය වෙනුවෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගින් හෙට (23) රාත්‍රී 7.30 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී තරග වැදීමට නියමිත වේ.
පසුගිය වසරේ පැවැති එල්.පී.එල් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ ද ගෝල් ග්ලැඩියේටර්ස් හා ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම් දෙක වීම විශේෂත්වයකි.