දේශීය

වෛද්‍යවරු අදත් වර්ජනයේ

ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද (22) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පැවසුවේ, සිය ඉල්ලීම්වලට අදාළව මේ දක්වා සිය සංගමයට රජයෙන් ප්‍රධාන සාකච්ඡාවක් ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත් ඊයේ (21) දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මූලිකත්වයෙන් සාකච්ඡාවක් පැවති බවත් එහිදී මූලික කාරණා 5ක් පිළිඳව දීර්ඝව සාකච්ඡා වූ බවත් වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා සඳහන් කළේය.

වෛද්‍යවරයා සඳහන් කළේ එම මූලික සාකච්ඡාවකට අදාළව නිශ්චිත පිළිතුරක් ලැබෙන තෙක් බලා සිටින බවයි.

මේ අතර වර්ජනය ක්‍රියාත්මක වුව ද හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව ක්‍රියාත්මක බව වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ මෙම දීප ව්‍යාප්ත වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල රෝගීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *