දේශීය

චීන පොහොර නැවට ගෙවනවා ද? නැද්ද ? තීරණය ජනවාරියේ

පොහොර ගෙන් වූ චීන සමාගමට මුදල් ගෙවීම වළක්වමින් මහජන බැංකුවට හා දේශීය නැව් සමාගමට එරෙහිව පනවා ඇති වාරණය ජනවාරි 6 වැනි දා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබේ.

අදාළ වාරණය ඉවත් කරනවාද? නැද්ද ? යන නියෝගය ජනවාරි 6 වැනි දා ප්‍රකාශ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය අද (23) තීරණය කළේය.

චීනයේ චින්දා ඕ සීවින්ග් සමාගමෙන් ගෙන් වූ කාබනික පොහාරවල බැක්ටීරියා හඳුනා ගැනීමෙන් පසුව කොළඹ වාණිජ මහාධිකරණායේ දී මෙම නඩුව පැවරිණි.

මෙම නඩුව ගොනු කළේ, සීමාසහිත පොහොර සමාගම හා කෙමර්ෂල් පොහොර සමාගමයි.

චීන සමාගමේ දේශීය නියෝජිතයින්ට ණයවර ලිපි මගින් මුදල් ගෙවීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය අදාළ වාරණය පනවා තිබේ.

එය අදත් සලකා බැලුණේ, කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවන් වන ප්‍රදීප් හෙට්ටිආර්චි හා ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්වරුන් හමුවේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *