විදුලි බිල වැඩිවුනොත් ජල ගාස්තුවත් ඉහළට
විදුලිය බිල වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ සාකච්ඡාවක් ඇති වී තිබේ.
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග මෙම තත්වය ඇති වී තිබෙන අතර සපුගස්කන්ද පිරිපහදුව දැවි තෙල් නිෂ්පාදනය අවන් වීමත් මීට බලපා ඇත.
කෙසේ වෙතත් විදුලිය ගාස්තු වැඩි කිරීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැත.
මේ අතර ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ විදුලි ගාස්තු වැඩි කිරිමට කටයුතු කළහොත් ජල ගාස්තු ද ඉහල දැමීමට අවධානය යොමු කළ යුතුව ඇති බවයි.
අඩු පරිභෝජනය සිදු කරන පාරිභෝගිකයන්ගේ ගාස්තු වැඩි නොකර ඉහළ පරිභෝජනය සිදු කරන අයගේ ගාස්තු ඉහල දැමීමට එහිදී අවධානයක් යොමුකරන බව ද අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

