ක්‍රීඩා

LPL අවසන් මහා තරගය අදයි

ලංකා ප්‍රීමියර් ලීග් 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම් දෙක අතරයි.

තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මූලික වටයේ තරග 8න් තරග 6ක් ජයග්‍රහණය කර තරග 2ක් පරාජ වී තිබේ.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මූලික වටයේ තරග 8න් 4ක් ජයග්‍රහණය කර තරග 4ක් පරාජ විය.

පසුගිය වසරේදී ද අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට ගෝල් ග්ලැඩියේටර් සහ ජැෆ්නා කණ්ඩායම් සමත් වු අතර ඉන් ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *