කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා නව සීඝ්රගාමී දුම්රියක්
කොළඹ – කොටුව සහ බදුල්ල අතර සීඝ්රගාමී රාත්රී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වූ රාත්රී තැපැල් දුම්රිය ධාවනය කළ වේලාවට අනුරූපීව S14 වර්ගයේ බලවේග කට්ටල භාවිත කරමින් නවීන පහසුකම් සහිතව මෙම රාත්රී දුම්රිය සේවාව ක්රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව අද (23) දිනයේ කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන දුම්රිය රාත්රී 8.30ට කොළඹ කොටුවෙන් පිටත්වීමට නියමිතව තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (24) දිනයේ දී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පස්වරු 5.50ට බදුල්ලෙන් ධාවනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර පාර්සල් ප්රවාහන කටයුතු නතර කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබේ.
සිය ඉල්ලීම්වලට බලධාරින් නිසි ප්රතිචාර නොදැක්වීම හේතුවෙන් එම වෘත්තීය සමිති ක්රියාමාර්ගය ආරම්භ කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

