රස හඳුනා ගැනීමට හැකි අලුත් ක්‍රමය
කොවිඩ් වසංගතය හමුවේ නිවෙස්වල කොටුවී සිටින මිනිසා විවිධ නිර්මාණ කිරීමට ද පෙළඹී තිබේ.
ජපාන මහාචාර්යවරයෙක් “ලෙවකා” ආහාර වර්ගවල රස හඳුනාගත හැකි ලෙස ටෙලිවිෂන් තිරයක් නිර්මාණය කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.
Taste-the-TV ලෙස නම් හඳුන්වා දී ඇති එම උපාංගය කුඩා ප්‍රමාණයේ තිරයක් වන අතර මහාචාර්ය හොමෙයි මියාෂිටා විසින් මෙම උපාංගය නිර්මාණය කර ඇත.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙමගින් සුපවේදීන්ව පුහුණුකළ හැකි බවයි.
මෙහි වාණිජ වටිනාකම ඩොලර් 875ක් බව මහාචාර්යවරයා ඇස්තමේන්තු කර තිබේ.
“මෙම නිර්මාණයේ අරමුණ වන්නේ ලෝකේ කොහේ හිටියත් ගෙදර හිටියත් භෝජනාගාරයක සිටිනවා වගේ හැඟීමක් මෙමගින් ඇති කිරීමයි,” යනුවෙන් ඔහු පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

