දේශීය

කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය 12,000 ඉක්මවයි

කොළඹ කොටස් ‌වෙළෙඳපොළ අද (24) දිනයේ ඉතිහාසගත වාර්තාවකට හිමිකම් තබා තිබේ.

ඒ ඉතිහාසයේ පළමුවරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව ඉක්මවා යමිනි.

මේ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,070.68ක් ලෙසින් වාර්තා වුණි.

එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 119.45ක ඉහළ යාමකි.

මේ අතර නත්තල් දිනය හෙට (25)ට යෙදී ඇති බැවින් අද දින අතිරේක දින භාගයක නිවාඩුවක් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

එබැවින් අද දින ගනුදෙනු සැසිය පෙරවරු 11.00 සිට පස්වරු 12.30 දක්වා මිනිත්තු 90ක කාලයකට පමණක් සීමා විය.

රු. බිලියන 2.84ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *