දේශීය

ප්‍රියන්ත කුමාරගේ තනතුරට තවත් ශ්‍රී ලාංකිකයෙක් පත් කෙරේ

පසුගියදා පාකිස්තානයේ සියල්කොට් නගරයේ දී තමා සේවය කරමින් සිටි කර්මාන්ත ශාලාවේ සේවකයන්ගේ අමානුෂික පහරදීමෙන් ජීවිතක්ෂයට පත් වූ ප්‍රියන්ත කුමාරගේ තනතුර සඳහා වෙනත් ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමට එම කර්මාන්තශාලාවේ පාලනාධිකාරිය තීරණය කර තිබේ.

මේ බව හෙළිවී ඇත්තේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ආගමික සහජීවනය පිළිබඳ විශේෂ නියෝජිත හෆීස් තාහීර් මෙහෙමුද් අෆ්රාෆි සහ මවුලානා තරීක් ජමීල් නම් ආගමික නායකයා පාකිස්තානයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්, වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම සමග පැවති හමුවකදී ය.

තම ආගමට අගෞරව කළා යැයි චෝදනා කරමින් කර්මාන්ත ශාලා සේවකයින් විසින් ඉතා අමානුෂික ලෙස ප්‍රියන්ත කුමාරව පසුගිය 03 වන දා ඝාතනය කර තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *